• 041 22 41 912
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Thelijjawila R.M.V.

තෙලිජ්ජවිල රාජකීය මහා විද්‍යාලය

Akuressa Zone

  • Register
  • Login
Thelijjawila R.M.V.

තෙලිජ්ජවිල රාජකීය මහා විද්‍යාලය

Akuressa Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • පාසලේ නීති පද්දතිය
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • සමාජ හා සංගම්
  • ජයග්‍රහණ
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

 

රාජකීය විද්‍යාලය 1910 දී ආරම්භ කරන ලද අතර එය සිසුන් 5 දෙනෙකුගෙන් සහ ගුරුවරුන් 2 දෙනෙකුගෙන් සමන්විත වේ. 1927 දී මෙම පාසල බාලිකා විද්‍යාලයක් බවට පත් කරන ලද අතර බාලක විද්‍යාලය තෙලිජ්ජවිල හන්දියේ ආරම්භ කරන ලදී. බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වූයේ ලිලී සාමාවතී අබේසේකර මහත්මියයි. පිරිමි විද්‍යාලයේ විදුහල්පතිවරයා වූයේ දොන් රොබට් ධර්මවර්ධන මහතාය. 1946 දී තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලය විවෘත කිරීමත් සමඟ මෙම පාසල මිශ්‍ර පාසලක් බවට පත් විය.

එවක විදුහල්පති පී.බී.ජිනදාස මහතාගේ අතිමහත් සැලකිල්ලෙන් හා ඉමහත් කැපවීමෙන් මෙම පාසල රාජකීය තත්ත්වයට පත් විය. වර්තමානයේදී, පාසල එහි සියලු මහිමාන්විතව නැගී සිටින අතර, ඒවා අතර බොහෝ පහසුකම් ඇත, මනා පහසුකම් සහිත පුස්තකාලයක්, නවීන පරිගණක විද්‍යාගාරයක්, ශ්‍රව්‍ය හා දෘශ්‍ය ඒකකයක් සහ අ.පො.ස (උ/පෙළ) සඳහා වාණිජ හා කලා අංශ ඇත. ශිෂ්‍ය ජනගහනය 2500 ක් පමණ වන අතර අකුරැස්ස අධ්‍යාපන කලාපයේ වැඩිම ශිෂ්‍ය ජනගහනයක් සිටින විද්‍යාලය යන නාමය දිනා ගනිමින් එහි සියලු උත්කෘෂ්ටත්වයෙන් යුක්ත වේ.
1955 ඔක්තෝබර් 15 දින පාසල රජයට පවරා ගැනීමත් සමග භෞතික අතින් පාසල තව තවත් සංවර්ධනය වූ අතර, පසුකාලීනව නව ගොඩනැගිලි දෙකක්, ගුරු නිවාසයක් සහ කාර්යාල ගොඩනැගිල්ලක්ද පාසලට එකතු විය.

සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමන්ගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මුලින්ම පිහිටවූ මධ්‍ය මහා විද්‍යාල අතරට අප පාසලද එක්වීම සුවිශේෂත්වයකි. ඒ සමගම ග්‍රාමීය විවිධ දක්ෂතාවලින් පිරිපුන් සිසුන් අප පාසලට එකතු වූ අතර අධ්‍යාපනයේ ද කැපී පෙනෙන වර්ධනයක් එම යුගයෙන් පසුව ඇති විය. පාසලේ සිසුවෙකු මුල් වතාවට විශ්වවිද්‍යාල වරම් හිමි කරගැනීමට 1972 වසරේ සමත් වූ අතර ඉන් පසුව වාර්ෂිකව විදුහලෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා සුදුසුකම් ලැබූ සිසු සංඛ්‍යාව ද ඉහළ ගියේ ප්‍රදේශයටද විදුහලේ කීර්ති නාමයටද තවත් වටිනාකමක් එක් කරමිනි. එදා මෙදා තුර පාසලෙන් බිහිවූ විද්‍යාර්ථීන් රටේ විවිධ උසස් තැන්වල තනතුරු දරමින් රටට දැයට අමිල සේවයක් ඉටුකර ඇති අතර, එය විද්‍යාලය ලැබූ ඉහළම ගෞරවය ලෙසද සදහන් කළ යුතුය.

වර්ෂ 1990 න් පසු විද්‍යාලයේ භෞතික සංවර්ධනය සදහා සුවිශේෂි දායකත්වයක් ලැබුණු යුගය වන අතර, ක්‍රීඩා පිටියක්, විද්‍යාගාරයක්, පුස්ථකාලයක් ද පාසලට එකතු විය.

විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ප්‍රාථමික අංශය, ද්විතීයික අංශය වශයෙන් ක්‍රියාත්මක වන අතර විද්‍යා ගණිත අංශය, ඉංග්‍රීසි අංශය, ක්‍රීඩා අංශය, සෞන්දර්යය අංශය, ප්‍රමුඛස්ථානයක් අත් කර ගනී. ඒ හැර මාධ්‍ය ඒකකය පරිගණක ඒකකය ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකය, පුස්තකාලය, ප්‍රථමාධාර ඒකකය ද සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි.

2011 වර්ෂයේ සිට ද්වි භාෂා පන්ති ආරම්භ කරමින් ගණිතය, පුරවැසි අධ්‍යාපනය, භූගෝලය, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය 6,7,8 ශ්‍රේණි සදහා පවත්වාගෙන යාමට හැකි වීම විද්‍යාලය ලද විශිෂ්ඨ ජයග්‍රහණයකි. විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩ සටහන්, රථ නියාමක කණ්ඩායම්, විවාද කණ්ඩායම, මාධ්‍ය ඒකකය, ප්‍රථමාධාර ඒකකය , ශිෂ්‍ය භට, බාලදක්ෂ, පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.

මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 247ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 15කින් සමන්විතය. එක්දහස් පන්සියයක් පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "නිපුණතා සපිරි සෞඛ්‍ය සම්පන්න විනයගරුක මනා පෞරුෂයකින් හෙබි සිසු දරු කැළක් දැයට දායාද කිරීම සඳහා ගුණාත්මක හා සඵලදායී ඉගෙනුම් අවස්ථා සම්පාදනය කිරීම අපගේ මෙහෙවරයි." යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2022 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.

ආරම්භ කළ වර්ෂය

1910 අප්‍රේල් 05

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

05

මුල් ගුරුතුමාගේ නම

ඩී.සී.දලුවත්ත 

පාසලේ ආදි කතෘගේ නම

පී.බී.ජිනදාස 

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

හාවාකැටිය මහා විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

ජී.වී. ගුනසේන

පාසල රජයට පවරාගත් දිනය

1955 ඔක්තෝම්බර් 15

පාසල පැවැත්වූ ස්ථානය

තෙලිජ්ජවිල , ගම්මානයේ පැරණි ගම්සභා ගොඩනැගිල්ල

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

ඕ.එල්.ජයසේකර 

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

ආර්.එම්. කමලාවතී 

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1910 අප්‍රේල් 05

 

 

 

{QF3=5}

Thelijjawila R.M.V.

තෙලිජ්ජවිල රාජකීය මහා විද්‍යාලය

Akuressa Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය Thelijjawila Royal College
  • දුරකථන (+94) 41 22 41 912
  • ෆැක්ස් (+94) 41 22 41 912

 

Supported By

© 2026 Thelijjawila R.M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk